GTC (Sinhala)

ගෝල්ඩ්ලෑන්ඩ් ට්‍රේඩිං කම්පැනි යනු, වානේ සහ අනෙකුත් නිෂ්පාදන වැනි දෘඩාංග සහ සන්නයන ද්‍රව්‍ය අානයනය සහ අපනයනය කිරීමේ ජාත්‍යන්තර වෙළඳාමට සුවිශේෂී වූ අායතනයකි. වසර 15කට වඩා පළපුරුද්ද අැති අපගේ ශාඛා ශ්‍රී ලංකාව , චීනය සහ ඉන්දියාව අාදී රටවල් වල අැත. එම කාර්‍යාල වල සේවයේ නියුතු වෘතීය පලපුරුද්ද සහිත සේවක මණ්ඩලයට ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ප්‍රභවයන් ගැන මනා පලපුරුද්දක් අැත.

ලෝකය පුරා සෑම රටකම පාහේ අපගේ සේවය ලබා තෘප්තිමත් වූ පාරිභෝගිකයින් රාශියක් සිටින අතර එම සේවය ශ්‍රී ලංකාවේදීද එ් අාකාරයෙන්ම ලබා දිය හැකි බව අප තහවුරු කරමු. එසේම MICE සංචාර  මගින් ව්‍යාපාර පහසු කර දීම කල හැකිය.


එසේම අප කණ්ඩායම රට තුල සහ විදේශ සංචාර මෙහෙයවීමේද , ගුවන් ප්‍රවේශ පත්‍ර , වීසා ලබා දීමේ සේවය, නගර තුල සංචාර, ගුවන් තොටුපොලට ගමන් කිරීමේ සේවය හෝ ගුවන් තොටුපොල සිට වෙනත් ස්ථාන වලට  ප්‍රවාහනය සැපයීම සහ අනෙකුත් ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර දීමද සිදු කරයි.

අපගේ සංචාරක නියෝජිත අායතනය, ශ්‍රි ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් බුකිංමාර්ක් හොලිඩේස් පුද්ගලික සමාගමයි.

ගුවන් මගින් ගමන් කරන්නන්ට සත්කාරක සහය දක්වන්නේ අපගේ කී ට්‍රැවල්ස් පුද්ගලික සමාගමයි. එය IATA අනුමැතිය ලබා අැත.

එසේම කෙටි කාලීන සංචාරය සොයන්නන්ට අප විශේෂයෙන් සකස් කල කොළඹ නගරය තුල සංචාරය කිරීම සූදානම් කර අැත.


මේ සඳහා වාහන ගනනාවක් සුහද ශීලී ප්‍රියමනාප ශ්‍රි ලාංකික රියදුරන් කණ්ඩායමකින් සමන්විත බැවින්, ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට ප්‍රවාහන පහසුව ලබා දිය හැකිය.